ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී පානය කළ ශුද්ධ කුසලානය ගැන සියවස් ගණනාවක සිට සෙනඟ විශ්මිතව සිටියේය. ආතර් රජු සහ ඔහුගේ රදළයන් වට මේසයේ සිටින කථාන්දර කුසලාන සෙවීමේ වියරුව ගැන ප්‍රකාශ කරයි. එහි මැජික් බලයක් ඇති බව ඔව්හු විශ්වාස කළහ. ඉන්දියානු ජෝන්ස් සහ ඔහුගේ පියා යන චිත්‍රපටියේ හෙන්රි ජීවිතය පුරා කළ විමර්ෂණය මුදුන්පත් විය.
මෙය අලංකාර කථාවක් වුවද සත්‍යය ඊට වඩා…
ටංග්ස්ටන් ලෝහය එක්තරා අන්දමකින් පරස්පර විරෝධීය. ඕනෑම පවිත්‍ර මූලද්‍රව්‍යක ඇති වැඩිම ඇදෙන බලය එහි තිබේ. ඒ හෙයින් එය ඇද තැබීම ඉතා අසීරුය. නමුත් ලෝහ පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ “ඝට්ටන ශක්තියෙන් ටංග්ස්ටන් දුර්වලය. යමක් වැදුනහොත් එය කුඩුවී යනු ඇත” කියාය. එය මනහරය. ශක්තිමත් ස්වභාවික ලෝහයක් වන ටංග්ස්ටන් ලෝහයද දුර්වලය. බිඳෙන සුළුය.
මනුෂ්‍ය වර්ගයාද එවැනිම චරිත ගුණාංගයක් පෙන්නුම් කරයි. ශාරීරිකව හා…
1859 දී ඉතිහාසයේ විශාලම සූර්ය කුණාටුව සිදු විය. එය කැරිංටන් සිදුවීම ලෙස නම් කෙරුණි. එය විශාල භෞමික කාන්දම් ව්‍යාකූල තත්වයක් ඇති කර ටෙලිග්‍රාෆ් ජාලය අකර්මණ්‍ය කළේය. ස්පේස්.කොම් වෙබ් අඩවිය කියා සිටියේ “කැරිංටන් සිදුවීම වැනි දෙයක් අද සිදුවුවහොත් එය අන්තර්ජාල විනාශයක් ඇති කරාවිය” කියාය.
“ඇපොකැලිප්ස්” යන වචනය අපව කුතුහලයට පත් කරයි. එය එළිදරව් පොතහි ග්‍රීක මාතෘකාව වන්නේය. නමුත් එහි අර්ථය බේදවාචකයක්…
පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන කිරිබති, ලෝකයේ අර්ධගෝල හතරේම පවතින එකම දේශයයි. කිරිබති දූපත් තිස් තුන සමකය සහ 180 වැනි දේශාංශකය දක්වා විහිදේ. එසේම එය ලෝකයේ ඇති ඉතා හුදකලාම දේශය වන්නේය.
මෙවැනි හුදකලා ස්ථාන ගැන සළකන දෙවියන් වහන්සේ කෙනෙකුට අපි සේවය කරන්නෙමු. ජේසුස් වහන්සේ ස්වර්ගයට යාමට පෙර උන් වහන්සේගේ ගෝලයන් සුදානම් කරමින් පැවසුවේ “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල,…
1967 ජනවාරි මාසයේදී, විනෙකොන් නගරය නිල විස්කොන්සින් ප්‍රාන්ත මාර්ග සිතියමෙන් වැරදීමකින් ඉවත් කර ඇති බව සොයා ගත් අතර, එමඟින් නගරයේ වැදගත් සංචාරක ආදායම අහිමි විය. එබැවින් නගරය විස්කොන්සින් වලින් වෙන් වී එම වසරේ ජූලි 21 වන දින තමන්ගේම ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමට තීරණය කළේය. වෙන්වීම ප්‍රාන්ත රජය අපහසුතාවයට පත් කිරීමේ පියවරක් බව සමහරු පවසන අතර තවත් සමහරු එය හාස්‍යජනක ක්‍රියාවක්…
කර්තෘ රිචඩ් මෝව් දකුණු අප්‍රිකාවේ කලු ජාතික දේව ධර්මාචාර්ය වරයෙක් ගැන පවසයි. ඔහු ජාතිවාදී කාලයේදී ලැබූ අඳුරු මතකයන් සමඟ පොර බැදුවේය. මෝව් මෙසේ ලිවීය: “මතකය” නිර්වචනය කරන්න කියා ගුරුවරියක විසින් අසන ලද අප්‍රිකානු දැරියකගේ කථාවක් ඔහු කීවේය. ඒ ගැන සිතා දරුවා පිළිතුරු දුන්නේ මතකය යනු මට මතක නැති කරන්න උපකාර කරන දෙයයි කියාය. දරුවන්ගේ මුවින්! මතක් කිරීමට අකමැති දේවල් බොහෝමයක්…
1800 ගණන්වල බටහිර ඇමෙරිකාවේ ඩයිනෝසර් ඇටකටු සොයා යෑමේදී ඇටකටු යුද්ධ ඇති විය. වඩාත් ඓතිහාසික සොයා ගැනීම අයිතිකර ගැනීම සඳහා අස්ථි විද්‍යාඥයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සටන් කළහ. ක්‍ෂේත්‍රයේ අනෙකාව පරාජය කිරීමට අනීතික කාරණාවල නියලුණහ. එක් ලේඛකයෙකුට අනුව අල්ලස, සොරකම, කටු විනාශ කිරීම යනාදියට පවා පෙළඹුණහ. එම ලේඛකයා සඳහන් කළේ එසේ කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ගේම කීර්ති නාමය නැති කර ගත් බවයි.
අපගේ…
හෙන්රි ඩේවිඩ් තෝරේ, නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචන වල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාල්යේදී “තනිවූ මහතා”, “තනි වූවන්ට පමණයි” සහ “එලියේනර් රග්බි” වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළේය. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි.…
18 වන සියවසේ අග භාගයේ ඇතිවුනු ප්‍රංශ විප්ලවයේදී අරගල කණ්ඩායම් විසින් මරා දැමූ අයගෙන් එක් අයෙක් වූයේ තෝමස් ඩි මහී නම් වූ රදළයාය. එක් පුරා වෘතයකට අනුව ඔහු තම මරණ වරෙන්තුව කියවා එයට ප්‍රතිචාර දැක්වූයේ “අක්‍ෂර වින්‍යාශ වැරදි තුනක් ඔබ කර ඇති බව පෙනේ” යනුවෙනි. එය සත්‍යය නම් පෙනෙන පරිදි ඩි මහී වැදගත්ම කාරණය ප්‍රබල ලෙස ගණන් නොගෙන තිබේ. ඒ…
මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.
අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…